විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට එවන ලද විදෙස් ප්‍රේෂණ අගය 26.5ක කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ලැබී ඇති මෙම ආදායම ඉතා වැදගත් සන්ධිස්ථානයක් වේ.
2026 වසරේ මුල් මාස තුන තුළ ලැබී ඇති සමස්ත ප්‍රේෂණවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2294.9ක් වන අතර එය 2025 වසරේ මුල් මාස තුනේ අගය වූ අමෙරිකානු ඩොලර් මිලියන 1814.4ට සාපේක්ෂව සියයට 26.5ක ඉහළ යාමකි.
එමෙන්ම 2026 මාර්තු මාසයේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 814.8ක ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති අතර එය 2025 මාර්තු මාසයේ අගය වූ අමෙරිකානු ඩොලර් මිලියන 693.3ට සාපේක්ෂව සියයට 17.5ක වර්ධනයක් පෙන්නුම් කරයි.














