රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු 07 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (03) අලුයම කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියහ.
මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
මීට අමතරව රුසියානු නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහල සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරය කිරීමට නියමිත අතර දෙරටේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට ද නියමිතය.














