වතුකරයේ ජනතාවගේ ආරක්ෂාව සහ ඉඩම් අයිතිය තහවුරු කරන ලෙස බල කරමින් කඳුරට ජනතා පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් හැටන් නගරයේදී පැවැත්විණි.
රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පෞද්ගලික වතු සමාගමකට අයත් නීළගම ප්‍රදේශයේ වතු කම්කරුවන් විසින් ඉදි කරන ලද තාවකාලික නිවාස එම සමාගමේ ආරක්ෂක අංශ විසින් කඩා විනාශ කිරීමේ සිද්ධියට එරෙහිව මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කෙරිණි.
ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති යන සටන් පාඨ පාදක කරගනිමින් හැටන් නගරයේ පැය තුනක පමණ කාලයක් විරෝධතාකරුවන් උද්ඝෝෂණයෙහි නිරත වූහ. තවදුරටත් එවැනි සිදුවීම්වලට ඉඩ නොදෙන බවත්, පරම්පරාවෙන් උරුම වූ ආයුධ තමන් සතු වුවද මෙතෙක් ඒවා භාවිත නොකළ බවත් මෙහිදී සිවිල් ක්‍රියාකාරීහු ප්‍රකාශ කළහ.
එළඹෙන (05) වන දින වතුකරයේ තරුණ ප්‍රජාව ද එක් කරගනිමින් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ද මෙවැනිම විරෝධතාවක් පැවැත්වීමට ඔවුන් සැලසුම් කර ඇත.














