මහා භාණ්ඩාගාරයේ මූල්‍ය වංචා චෝدනා මත සේවය අත්හිටුවා සිටි නිලධාරියෙකු වූ රංග රාජපක්ෂ මහතාගේ සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය සෘජුවම වගකිව යුතු බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිසියම් කල්ලියක් ගොස් මුදල් ලේකම්වරයාගේ නිවස වටකරන අවස්ථාවේදී රංග රාජපක්ෂ වැනි නිලධාරීන්ට දැඩි මානසික පීඩනයක් එල්ල වූ බවයි. මෙම මූල්‍ය වංචාවට බොහෝ පිරිසක් සම්බන්ධ බව පවසමින් විපක්ෂය සිදුකළ විශාල ඝෝෂාව සහ චෝදනා එල්ල කිරීම් හමුවේ අදාළ නිලධාරීන්ට සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදාවූ බවද ඔහු සඳහන් කළේය.
විපක්ෂය විසින් සිදුකරන ලද මෙම ක්‍රියාවන් හරහා අදාළ නිලධාරීන්ට දරාගත නොහැකි තරමේ අනවශ්‍ය සමාජ පීඩනයක් එල්ල කර ඇති බවත්, ඒ හේතුවෙන් සිදු වූ මෙම විපත සම්බන්ධයෙන් විපක්ෂය අනිවාර්යයෙන්ම වගකීම භාරගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.














