වැලිකඩ බන්ධනාගාරයේ දඬුවම් විඳිමින් සිටි රැඳවියකු බන්ධනාගාර නිලධාරීන් සමඟ ඇති වූ පොරබැදීමකින් පසු රෝගාතුර වී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය චෝදනාවකට අච්චු විඳිමින් සිටි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මෙම රැඳවියා, ඊයේ සවස බන්ධනාගාර ක්‍රීඩාංගණය පිරිසිදු කිරීමට ගිය අවස්ථාවකදී පලා ගොස් තිබේ. පලාගිය රැඳවියා අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා ඇති අතර, බොරැල්ල ප්‍රදේශයේදී ඔහු සමඟ ඇති වූ පොරබැදීමකින් පසු නැවත බන්ධනාගාරය වෙත රැගෙන විත් ඇත. එලෙස රැගෙන ඒමෙන් අනතුරුව ඇති වූ සිද්ධියකදී මොහු දැඩි ලෙස රෝගාතුර වී ඇති අතර බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.පසුගිය අප්‍රේල් 27 වැනිදා ද මැගසින් බන්ධනාගාරය තුළදී පහරදීමකින් රැඳවියකු මියගිය අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් ජේලර්වරයකු ඇතුළු නිලධාරීන් පස්දෙනකු දැනටමත් රිමාන්ඩ් ගත කර සිටියි.














