නාවලපිටිය, කැටබුලාවේ සිට හරංගල දක්වා පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් නාවලපිටිය තිස්පණේ හන්දිය ප්‍රදේශයේදී අද (05) උදෑසන 7ට පමණ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්ව තිබේ. මෙම අනතුරින් පාසල් සිසුන් 13 දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, වෑන් රථයේ රියදුරු ද තුවාල ලබා රෝහල්ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.












