තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් කරපිංචාලන්ද ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුතු ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. එහිදී ඉතා සරු වගාවක් ලෙස වගා කර තිබූ ගංජා ගස් 11,200ක් පමණ පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. මොහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.
















