තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී විජේගේ TVK පක්ෂය නියෝජනය කරමින් තරග කළ, ඔහුගේ පෞද්ගලික රියැදුරුගේ පුත්‍රයා වන ආර්. සබරිනාදන් (Sabarinathan R), විරුගම්බාක්කම් (Virugambakkam) ආසනය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර තිබේ.
මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ වට 24ම අවසානයේදී සබරිනාදන් ඡන්ද 76,092ක් ලබා ගනිමින් තම ආසනය තහවුරු කර ගත්තේය. ඔහු තම සමීපතම ප්‍රතිවාදියා වූ DMK අපේක්ෂක ප්‍රභාකර රාජාට (ඡන්ද 49,006) වඩා ඡන්ද 27,086ක දැවැන්ත බහුතරයක් ලබා ගැනීමට සමත් විය. එම ආසනයේ තෙවන ස්ථානය AIADMK අපේක්ෂක විරුගෙයි වී.එන්. රවීට (ඡන්ද 38,767) හිමි විය.
විජේ විසින් සිය පෞද්ගලික රියැදුරුගේ පුත්‍රයාට මෙලෙස දේශපාලන අවස්ථාවක් ලබා දීම සහ ඔහු ලැබූ මෙම ජයග්‍රහණය දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ.













