ඕපනායක, පොල්වත්ත හේන වසමේ අසමාන කන්දේ ඉහළ කොටස අද (05) පෙරවරු 8.20ට පමණ නාය යෑමකට ලක්ව තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ එම අවදානම් ප්‍රදේශයේ ජීවත් වන ජනතාව හැකි ඉක්මනින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබා දී තිබෙනවා.
අදාළ ප්‍රදේශයට අයත් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දිස්ත්‍රික් නියෝජිතයා, ප්‍රාදේශීය ලේකම්වරයා සහ පොලිසියේ සහාය ඇතිව මෙම ජනතාව ඉවත් කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගෙන ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.














