තමිල්නාඩු දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කරමින්, දශක පහකට ආසන්න කාලයක් පැවති සාම්ප්‍රදායික දේශපාලන ආධිපත්‍යය බිඳ දැමීමට දකුණු ඉන්දීය සිනමාවේ අසහාය නළු ජෝසප් විජේ චන්ද්‍රසේකර් සමත්ව තිබේ. ඊයේ පැවැති 17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේදී ආසන 108ක දැවැන්ත ජයක් ලබා ගනිමින් විජේගේ TVK පක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කළේය.
වසර පනහකට ආසන්න කාලයක් තමිල්නාඩුව මෙහෙයවූ ප්‍රබල DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් විපක්ෂය බවට පත්වූ අතර, AIADMK පක්ෂය ආසන 47ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත්ව ඇත. මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සිය X ගිණුම හරහා විජේ ඇතුළු TVK පක්ෂයට සිය සුබපැතුම් එක් කර තිබේ. ජනප්‍රියත්වය සහ නිවැරදි දැක්ම මුසු වූ විට පවතින ඕනෑම දේශපාලන බලකොටුවක් බිඳ දැමිය හැකි බව මෙම පෙරළියෙන් මනාව ඔප්පු වේ.













