ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපතිවරයා වෙත ගෞරවාචාර දැක්වීමක් ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබෙනවා. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සහ මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණයි.
මෙම අවස්ථාවට දෙරටේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ නියෝජිතයින් පිරිසක් සහභාගී වීමට නියමිතයි. දෙරටේ නායකයින් අතර ද්විපාර්ශ්වික සබඳතා, කලාපීය සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡා සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.














