තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී ඉන්දීය නළු සහ දේශපාලනඥ සී. ජෝසප් විජේ ලැබූ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ.
‘X’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, විජේ සහ ඔහුගේ කණ්ඩායමට අභියෝග ජය ගැනීමටත්, ජනතාවට ප්‍රායෝගික ප්‍රතිලාභ අත්කර දීමටත් අවශ්‍ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවයි.
තවද, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, විශේෂයෙන්ම දෙරටේම පුරවැසියන්ට බලපාන කරුණු සම්බන්ධයෙන් වඩාත් ශක්තිමත් සහ ධනාත්මක සබඳතාවක් අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. විජේගේ නිල ගිණුමද ටැග් කරමින් නාමල් රාජපක්ෂ මහතා ඔහුට සහ ඔහුගේ කණ්ඩායමට සිය උපරිම සුබ පැතුම් එක් කර තිබේ.
2026 තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී විජේගේ තමිලග වෙට්‍රි කලගම් (TVK) පක්ෂය ප්‍රාන්තයේ විශාලතම පක්ෂය ලෙස මතුවීමත් සමඟ මෙම සුබ පැතුම් පණිවුඩය නිකුත් කර ඇත.














