1 වැනි ශ්‍රේණිය සඳහා හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, එහි මීළඟ පියවර ලෙස 2027 වසරේ සිට 6 වැනි ශ්‍රේණිය සඳහා ද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් අගමැතිනිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
මෙම ක්‍රියාවලියට සමගාමීව 6 වැනි ශ්‍රේණියේ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන් එළඹෙන ජුනි මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය. දරුවන්ට වඩාත් ගැලපෙන නවීන අධ්‍යාපන ක්‍රමවේදයක් රට තුළ ස්ථාපිත කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.














