සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ (SJB) නායකයා ලෙස පමණක් සීමා නොවී, සියලු විපක්ෂ දේශපාලන පක්ෂ සමඟ එක්ව කටයුතු කරන සැබෑ විපක්ෂ නායකවරයෙකු ලෙස කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි. හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මන්නප්පෙරුම මහතා සඳහන් කළේ, සජිත් ප්‍රේමදාස මහතා තනිව තීන්දු තීරණ ගැනීමට (One man show) කැමැත්තක් දක්වන්නේ නම්, ඔහුට හිටපු ජනාධිපති සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි. විපක්ෂයේ සියලු කණ්ඩායම් ඒකරාශී කර ගනිමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී දැඩිව සාකච්ඡාවට ලක්විය.












