පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්වල 2026 මැයි 04 වන දිනට අදාළ ප්‍රගති වාර්තාව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර තිබෙනවා. මෙම මෙහෙයුම් දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන හරහා සිදු කර ඇති අතර එහිදී විවිධ අපරාධවලට සම්බන්ධ සහ නීති උල්ලංඝනය කළ විශාල පිරිසක් අත්අඩංගුවට පත් වුණා.
මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 28,422ක් ලෙස සටහන් වන අතර, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 573ක් ද ඒ අතර වනවා. මීට අමතරව දින වරෙන්තුකරුවන් 259ක් සහ විවෘත වරෙන්තුකරුවන් 163ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. රථවාහන වැරදි සම්බන්ධයෙන් පමණක් 4,158ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, බීමත් රියදුරන් 102ක් සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ 67ක් ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට පත් වුණා. දිවයින පුරා ජනතාවගේ ආරක්ෂාව සහ නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙම විශේෂ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.














