ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවයක නිරත වූ පිරිසකට එල්ල වූ අතිශය නින්දිත සහ පිළිකුල් සහගත ප්‍රහාරයක් සම්බන්ධයෙන් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා අද (05) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඉකුත් 28 වනදා මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස අසල සාමකාමී විරෝධතාවයක නිරත වෙමින් සිටියදී, ලේකම්වරයාගේ ආධාරකරුවන් පිරිසක් විසින් තමන්ට අසූචි ප්‍රහාරයක් එල්ල කර පහරදුන් බවට සුගීෂ්වර බණ්ඩාර මහතා එහිදී චෝදනා කර සිටියේය. මෙවැනි මර්දනකාරී සහ මානුෂීය ගරුත්වයට හානි කරන ක්‍රියා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුන් කොමිසමෙන් ඉල්ලා සිටියි.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව විරෝධය පෑමේ අයිතිය බරපතල අභියෝගයකට ලක් කරමින් එල්ල වූ මෙම ප්‍රහාරය, රටේ දේශපාලන සදාචාරය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කිරීමට සමත්ව ඇත.














