නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් අද (05) මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. පසුගිය අප්‍රේල් 28 වන දින මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස අසල පැවති විරෝධතාවක් අතරතුර තමන් ඇතුළු පිරිසට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඔවුන් මෙම පැමිණිල්ල සිදු කර ඇත.
තමන් සහ පිරිස එම ස්ථානයට ගිය අවස්ථාවේදී හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ආධාරකරුවන් පිරිසක් විසින් තමන් වෙත අසූචි ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම පිරිස විසින් තමන්ට පහර දුන් බවත් සුගීෂ්වර බණ්ඩාර මහතා සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කරයි.














