එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පවතින විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (05) නියෝග කළේය.
ඒ අනුව, ඔහු රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කෙරිණි. මීට අමතරව, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය විසින් තවත් නියෝගයක් නිකුත් කර ඇත.














