මෙරට මත්පැන් පානය කිරීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. 2024 වසරේ සිට මධ්‍යසාර මිලෙහි නිසි සංශෝධනයක් සිදු නොවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.
2025 වසරේ දත්ත අනුව බීර නිෂ්පාදනය 5%කින් සහ මධ්‍යසාර නිෂ්පාදනය 17%කින් ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර, 2023 වසරේදී මධ්‍යසාර බදු 20%කින් ඉහළ දැමීමත් සමඟ 2022 වසරට සාපේක්ෂව මධ්‍යසාර අලෙවිය ලීටර මිලියන 8.3කින් අඩු වුණා. එසේම 2024 වසරේ මුල් භාගයේදී බදු 20%කින් ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස මධ්‍යසාර අලෙවිය ලීටර 430,000කින් පහත වැටුණ ද, වත්මන් තත්ත්වය යළි ඉහළ යාමක් පෙන්නුම් කරන බව එම වාර්තා පෙන්වා දෙනවා.














