හැටන් නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික බැංකුවක ස්වයංක්‍රීය මුදල් යන්ත්‍ර (ATM) බිඳ මුදල් කොල්ලකෑමට දැරූ අසාර්ථක උත්සාහයක් පිළිබඳව හැටන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊයේ (04) අලුයම ක්‍රියාත්මක වූ මෙම සැකකරු බැංකු පරිශ්‍රයට ඇතුළු වී එහි තිබූ ATM යන්ත්‍ර දෙකම ගලවා මුදල් සොරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වී ඇත.
කෙසේ වෙතත් එම උත්සාහය ව්‍යාර්ථ වීමත් සමඟ සැකකරු පලා ගොස් ඇති අතර, ඔහු යන්ත්‍ර බිඳීමට උත්සාහ කරන අයුරු ආරක්ෂිත කැමරාවල (CCTV) මනාව සටහන් වී තිබේ. සැකකරු හඳුනා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතන හැටන් පොලිසිය, මොහු පිළිබඳව යම් තොරතුරක් වෙතොත් වහාම දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ මෙවැනි අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම මහජන දේපළ ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය බවයි.














