මහා භාණ්ඩාගාරයේ තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයකට ලක්ව තෙවැනි පාර්ශ්වයක් අතට පත් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ඉල්ලා සිටි පාර්ලිමේන්තු විවාදය අද (05) පැවැත්වීමට ආණ්ඩු පක්ෂය සිය එකඟතාව පළ කර තිබේ.
ඒ අනුව, මෙම හදිසි විවාදය අද පස්වරු 3.30 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. භාණ්ඩාගාරයේ දත්ත ආරක්ෂාව සහ මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය දැඩි ලෙස කරුණු විමසමින් සිටින පසුබිමක මෙම විවාදය පැවැත්වේ.














