හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක සාක්ෂිකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (05) වරෙන්තු නිකුත් කර තිබේ. මෙම නඩුව පවරා ඇත්තේ අමාත්‍යවරයාව සිටියදී සතොස සේවකයින් රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමිනි.
අදාළ නඩුවේ දොළොස්වන සාක්ෂිකරු අද දිනයේ සාක්ෂි ලබා දීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. එම සාක්ෂිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇත.














