ශ්‍රී ලංකා රේගුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන විමල් එස්. කේ. ලියනගමගේ මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙතෙක් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ එස්. පී. අරුක්ගොඩ මහතාගේ සේවා කාලය අද (05) දිනයෙන් අවසන් වීමට නියමිත බැවින්, එම පුරප්පාඩුව සඳහා මෙම පත් කිරීම සිදු කර ඇත.
නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීමට පෙර විමල් එස්. කේ. ලියනගමගේ මහතා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සිය රාජකාරි කටයුතු සිදු කරනු ලැබීය. අත්දැකීම් බහුල පරිපාලන නිලධාරියෙකු වන ඔහු රේගු දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු සහ මෙහෙයුම් සඳහා නායකත්වය ලබා දීමට නියමිතය.














