වාණිජ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම වාණිජ අධ්‍යක්ෂවරයෙකු වන එම්.එස්. මහදිවුල්වැව මහතා, වහාම ක්‍රියාත්මක වන පරිදි වාණිජ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ජ්‍යෙෂ්ඨ විධායක සේවා ගණයේ I ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඒ මහතා, සිය නිත්‍ය තනතුරේ රාජකාරීවලට අමතරව මෙම නව වගකීම භාර ගනු ඇත.
මෙම තනතුරේ මින් පෙර සේවය කළ අමීනා ෂාෆි මහත්මිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් පසුගිය 2026 අප්‍රේල් 09 වැනි දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාම නිසා ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා මෙම පත් කිරීම සිදු කර ඇත. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබේ.














