වැල්ලවාය Helping Hands සංවිධානය මඟින් සංවිධානය කළ “අපේක්ෂාවට අත්වැලක්” හිසකෙස් දන්දීමේ සහ නොමිලේ විග් ලබාදීමේ වැඩසටහන වැල්ලවාය සම්මන්ත්‍රණ ශාලාවේදී අද දින පැවැත්විණි. අරුණ ප්‍රභාත් මහතාගේ සංවිධානයෙන් පැවති මෙම පුණ්‍යකර්මය සඳහා විවිධ වයස් කාණ්ඩවලට අයත් කුඩා දරුවන්, කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් පන්සියයකට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.
මෙහිදී දායකයින් විසින් අඟල් දොළහකට වඩා දිගැති තම හිස කෙස් දන්දෙන ලද අතර, එම හිස කෙස් අපේක්ෂා රෝහලේ රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට නියමිතය. වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් වලිමුණි, Helping Hands සංවිධානයේ සභාපති කසුන් හෙට්ටිආරච්චි, ලේකම් ආර්. එම්. ඉන්දික සම්පත්, භාණ්ඩාගාරික එම්. එම්. බුද්ධික බණ්ඩාර සහ නැණපහන අධ්‍යක්ෂක ලක්මාල් ගජනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.














