පෑගල පොලිස් වසමේ මෑහිමුල්ල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ. මෙම වැටලීම 2026 මැයි 05 වන දින උදෑසන කාලයේදී සිදු කර ඇත.
එහිදී සැකකරු සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් 101ක් (බෝතල් 135ක්) පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පැන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පෑගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, පෑගල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














