ගණේමුල්ල පොලිස් වසමේ පරකන්දෙනිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය සිගරට් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගණේමුල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ. මෙම වැටලීම සිදුකර ඇත්තේ 2026 මැයි 05 වන දින රාත්‍රී කාලයේදීය.
එහිදී සැකකරු සන්තකයේ තිබී සිගරට් 20,600ක් අඩංගු කාටුන් 103ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හොරපේ, රාගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන තිබේ.
මෙම නීතිවිරෝධී සිගරට් තොගය මෙරටට රැගෙන ආ ආකාරය සහ මේ පිටුපස සිටින ජාලය අනාවරණය කර ගැනීම සඳහා ගණේමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














