ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ එළඹෙන 9 වනදා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය විශේෂිත ‘Pink Promise Day’ ලෙස නම් කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පියවර ගෙන තිබේ. මෙම සුවිශේෂී දිනය සැමරීම වෙනුවෙන් ඔවුන් එදින තරගයට සහභාගී වන්නේ පූර්ණ රෝස පැහැති විශේෂිත ජර්සියකින් සැරසී වීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් මෙම තරගයේ වඩාත්ම ආකර්ෂණීය සහ මානුෂීය අංගය වන්නේ තරගය අතරතුර එල්ල වන සෑම හයේ පහරක් වෙනුවෙන්ම රාජස්ථාන් ප්‍රාන්තයේ දිළිඳු නිවාස හයක් බැගින් සෝලාර් පැනල මගින් ආලෝකමත් කිරීමට කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කර තිබීමයි. ගම්බද කාන්තාවන් සවිබල ගැන්වීමේ සහ හරිත බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ නිසා එදිනට රාජස්ථාන් පිතිකරුවන් එල්ල කරන සෑම හයේ පහරක්ම දිළිඳු පවුල්වල ජීවිත ආලෝකමත් කරන බලාපොරොත්තුවක් වනු ඇත. ක්‍රිකට් ක්‍රීඩාව සහ සමාජ සත්කාරය මනාව ඒකාබද්ධ කෙරෙන මෙම තරගයේදී වැඩි වැඩියෙන් හයේ පහරවල් එල්ල වනු දැකීම දැන් ක්‍රීඩාලෝලීන්ගේ පමණක් නොව පීඩාවට පත් ජනතාවගේ ද ප්‍රාර්ථනයයි.














