අස්වැසුම ප්‍රතිලාභීන්ට අප්‍රේල් මාසයේදී ද්විත්ව ගෙවීම් සිදු වී ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත්, සිදු වූ තාක්ෂණික දෝෂය නිවැරදි කර අතිරික්ත මුදල් නැවත අය කර ගැනීමට පියවර ගෙන ඇති බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
සිංහල හා දමිළ අලුත් අවුරුද්දට පෙර ප්‍රතිලාභ ගෙවීමට ගත් කඩිනම් පියවර නිසා පද්ධතියෙන් බැහැරව (Slip file format) ගෙවීම් කිරීමට යාමේදී ප්‍රතිලාභීන් පිරිසකගේ ගිණුම්වලට අතිරික්ත ගෙවීම් බැර වී තිබේ. දෝෂය හඳුනාගත් වහාම අදාළ බැංකු හරහා අතිරික්ත මුදල් රජයේ ගිණුමට හරවා ගැනීමට මණ්ඩලය කටයුතු කර ඇත. කෙසේ වෙතත්, අතිරික්ත මුදල් බැර වූ පිරිස අතරින් 49,759 දෙනෙකු මේ වන විටත් එම මුදල් ලබාගෙන ඇති අතර ඔවුන් ලබාගත් රුපියල් 248,795,000ක මුදල 2026 මැයි මාසයේ ගෙවීමට නියමිත දීමනාවෙන් අය කර ගැනීමට සැලසුම් කර තිබේ.
මෙම ක්‍රියාවලිය හේතුවෙන් රජයට කිසිදු මූල්‍ය පාඩුවක් හෝ අක්‍රමිකතාවක් සිදු වී නොමැති බව අවධාරණය කරන මණ්ඩලය, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පතුරුවන අසත්‍ය තොරතුරු පිළිබඳව නොමග නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.















