අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය අපරාධ සිදුකළ බවට සැකපිට ඊයේ (06) කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් විදේශිකයන් 74 දෙනා එළඹෙන මැයි 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (07) නියෝග කළේය.
පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර වියට්නාම ජාතිකයන් 74 දෙනෙකු සිටින බවයි. මොවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සංචාරක වීසා මත මෙරටට පැමිණ නීති විරෝධී ලෙස අන්තර්ජාල මූල්‍ය වංචාවල නිරත වී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














