නව පිරිවෙන් අධ්‍යක්ෂ ධුරයට පත් වූ මාදෝවිට වජිරබුද්ධි නායක ස්වාමීන් වහන්සේ ඊයේ (07) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කළහ. ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ නිර්දේශය මත මෙම පත් කිරීම සිදු කර ඇති අතර, රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට බුදුගල ජිනවංශ හිමි සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.සී. නිරෝෂන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මාදෝවිට වජිරබුද්ධි හිමියන් හෝමාගම පුරාණ විහාරාධිපති, කෝට්ටේ කල්‍යාණි සාමග්‍රි සංඝ සභාවේ කාරක සංඝ සභික මෙන්ම හෝමාගම ශාසනාරක්ෂක බලමණඩලයේ සභාපති ලෙස ද කටයුතු කරති. උන් වහන්සේ 2010 වසරේදී පිරිවෙන් අධ්‍යාපන පරිපාලන සේවයට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ලෙස එක් වූ අතර, පසුව නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ලෙස පළාත් සහ අමාත්‍යාංශ මට්ටමින් සුවිශේෂී අත්දැකීම් සමුදායක් ලබා ඇති ප්‍රාඥයෙකි.
ශ්‍රී ලංකාව පුරා දැනට පිරිවෙන් 825ක් ක්‍රියාත්මක වන අතර, එහි ගිහි පැවිදි ගුරුවරුන් 7,569ක් සේවය කරති. නව අධ්‍යක්ෂවරයා යටතේ පිරිවෙන් අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක වර්ධනයක් සහ පරිපාලනමය විධිමත්භාවයක් ඇති වනු ඇතැයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ අපේක්ෂා කරති. විශේෂයෙන්ම පිරිවෙන් අධ්‍යාපනය නූතන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සංවර්ධනය කිරීම උන් වහන්සේ සතු ප්‍රධාන වගකීමක් වනු ඇත.














