එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) “වෙරිගන්ටන්” (Veriganton) නමැති සමාගම ඉන්ධන ටෙන්ඩරයක් භාරගෙන, පොරොන්දු වූ පරිදි අප්‍රේල් මාසයේදී ඉන්ධන සැපයීම පැහැර හැර ඇති බව වැඩ බලන බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම සැපයුම අඩාල වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අදාළ සමාගම කලින් එකඟ වූ කොන්දේසි උල්ලංඝනය කරමින්, භාණ්ඩ සැපයීමට පෙර මුදල් ගෙවන ලෙස (Advance Payment) ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලා සිටීමයි. කෙසේ වෙතත්, සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුව ගෙවීම් සිදු කරනු ලබන්නේ තාක්ෂණික වාර්තා අනුමත වීමෙන් පසුව පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම සැපයුම් පැහැර හැරීම හමුවේ වුවද, රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවීමට අවශ්‍ය විකල්ප පියවර ගෙන ඇති බවත්, විනිවිදභාවයකින් යුතුව ප්‍රසම්පාදන කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.















