වියට්නාම රජය විසින් ශ්‍රී ලංකාව වෙත මෙට්‍රික් ටොන් 100ක යුරියා සහ සුපර් පොස්පේට් පොහොර තොගයක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා සහ ජනාධිපතිවරයා අතර අද (08) පෙරවරුවේ පැවැති නිල සාකච්ඡාවලින් අනතුරුව මෙම පරිත්‍යාගය ප්‍රකාශයට පත් කෙරිණි. මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා වියට්නාම රජය දැක්වූ මෙම සහයෝගය අගය කළ ජනාධිපතිවරයා, දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට මෙය මනා පිටුවහලක් වන බව ද අවධාරණය කළේය. මෙම පොහොර තොගය ඉදිරි වගා කටයුතු සඳහා මෙරට ගොවි ජනතාව වෙත කඩිනමින් බෙදා හැරීමට නියමිතය.














