ආසියානු කලාපයේ ආහාර සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ දැවැන්තම ප්‍රදර්ශනයක් වන “Food & Hospitality Asia Maldives (FHAM) 2026” එළඹෙන සැප්තැම්බර් 07 වනදා සිට 09 වනදා දක්වා මාලදිවයිනේ මැන්හැටන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිතය. ජාත්‍යන්තර සන්නාම, කලාපීය සැපයුම්කරුවන් සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ තීරණ ගන්නන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මාලදිවයිනේ වේගයෙන් වර්ධනය වන සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ආහාර නිෂ්පාදන, හෝටල් උපකරණ සහ සේවා විසඳුම් සපයන ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට මෙය සුවිශේෂී වෙළෙඳ පොළක් වනු ඇත. විශේෂයෙන්ම මාලදිවයිනේ සංචාරක ක්ෂේත්‍රය ආනයන මත බෙහෙවින් රඳා පවතින බැවින්, ශ්‍රී ලංකාව වැනි අසල්වැසි රටවල අපනයනකරුවන්ට සිය ව්‍යාපාරික අවස්ථාවන් පුළුල් කර ගැනීමට මෙය කදිම අවස්ථාවකි.
ප්‍රදර්ශනයට සමගාමීව ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලි රැසක් ද සංවිධානය කර ඇත. ඒ අතරට:
Global Culinary Challenge (ගෝලීය සූපශාස්ත්‍ර තරඟය)
Barista Championship (බැරිස්ටා ශූරතාවලිය)
Mocktail Competition (මොක්ටේල් තරඟය)
Housekeeping and Bed Decoration Competition (නිවාස පාලන සහ ඇඳන් සැකසීමේ තරඟය)
මෙම ප්‍රදර්ශනය හරහා මාලදිවයිනේ පිහිටි රිසෝට් 170කට අධික සංඛ්‍යාවක නියෝජිතයන් සමඟ සෘජුවම සම්බන්ධ වීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබෙන අතර, එය කලාපීය ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත.














