ශ්‍රී ලංකාව වත්මන් රජය යටතේ අත්කරගෙන ඇති ආර්ථික ජයග්‍රහණ පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බව මෙරට සංචාරයක නිරත වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා ප්‍රකාශ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ අද (08) පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ඔහු පෙන්වා දී ඇත්තේ අසීරු කාලපරිච්ඡේදයකින් පසු ශ්‍රී ලංකාව පෙන්වන ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය අගය කළ යුතු බවයි. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඉදිරියේදී ආර්ථික හා වෙළඳ සහයෝගීතාව පුළුල් කිරීමට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය කෙරෙහි ද වියට්නාම ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළ කර ඇත.














