ශ්‍රීලන්කන් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා අද (08) බරපතළ සැකයක් මතු කළේය. රජය විසින් තවදුරටත් දඬුවම් දීමට පිරිසක් සිටින බව පවසන පසුබිමක, මෙවැනි මරණ සිදුවීම ගැටලුසහගත බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
දඬුවම් දීමේ නීත්‍යානුකූල ක්‍රමවේදය මෙයදැයි ප්‍රශ්න කළ ඔහු, ඉදිරියේදී අනෙකුත් චූදිතයන්ට ද මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදුවිය හැකි බවට සැක පළ කළේය. මෙම සිදුවීම පිටුපස ඇති සත්‍යතාව හෙළි කරමින් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස මන්ත්‍රීවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.













