ශ්‍රීලන්කන් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සහ තවත් අභිරහස් මරණ කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අද (08) විශේෂ හෙළිදරව්වක් සිදු කළේය.
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක් නොව බලහත්කාරයෙන් එසේ කිරීමට සැලැස්වීමක් දැයි බරපතළ සැකයක් පවතින බව ඒ මහතා සඳහන් කළේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා විසින් කපිල චන්ද්‍රසේන මහතාට පෞද්ගලිකව තර්ජනය කර ඇති බවත්, ඒ පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් මියගිය චන්ද්‍රසේන මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවත් මහලේකම්වරයා පෙන්වා දුන්නේය.
“මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂගේ නම් දෙන්න, නැත්නම් ඔයාටත් වෙන්නේ කෙහෙළියගේ නඩුවේ සිසිර සිරිවර්ධනට වුණ දේම තමයි” යනුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා තර්ජනය කළ බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන බව කාරියවසම් මහතා කියා සිටියේය.
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අමතරව තවත් සැකකටයුතු මරණ කිහිපයක් පිළිබඳව ද මහලේකම්වරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මුලින්ම චෝදනා කළ නන්දන ගුණතිලක මහතා අභිරහස් ලෙස මියයාම.
ඕස්ට්‍රේලියානු ගිණුමකට රුපියල් මිලියන 800ක් දැමීම ගැන පැමිණිලි කළ පුද්ගලයා මියයාම.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ප්‍රථම පැමිණිල්ල කළ ඩෑන් ප්‍රියසාද් මහතා සැකකටයුතු ලෙස මියයාම.
ව්‍යාජ ඇපකරුවන් පිළිබඳ කුමන්ත්‍රණය:
කපිල චන්ද්‍රසේන මහතා රිමාන්ඩ් භාරයේ සිටියදී ඔහුට ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම පිටුපස අල්ලස් කොමිසමේ නිලධාරීන් සිටීද යන්න පිළිබඳව වහාම අධිකරණ සී.සී.ටී.වී. (CCTV) දර්ශන පරීක්ෂා කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. මෙම ප්‍රකාශයන්හි සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බව ද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.













