ඉරානයේ දකුණු අල්ප-සංවර්ධිත කලාප ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව එල්ල කරන දැවැන්ත ප්‍රහාර හේතුවෙන් ඉරාන වැසියන් මුහුණ දෙන අසීරුතා තවදුරටත් උග්‍ර වී තිබේ.
පවතින දැඩි උණුසුම් යුධමය වාතාවරණය හමුවේ, රජයට එරෙහිව ඉරානය තුළ අභ්‍යන්තර විරෝධතාවල නැගී සිටීමක් දක්නට නොලැබෙන අතර, අඛණ්ඩව එල්ල වන ප්‍රහාර සහ දැඩි විදුලි හා ජල කප්පාදුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින සාමාන්‍ය වැසියන්ගේ කෝපය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමෙරිකානු පාලනය දෙසට යොමු වී ඇති බව වාර්තා වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














