පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා අලිකොට ආර ජලාශයේ වාන් දොරටු 3ක් අඩි 2 බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මේ හේතුවෙන් කිරිඳි ඔය පිටාර ගැලීමකට ලක්ව ඇති අතර, මොණරාගල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ මේ වන විට ප්‍රදේශයේ නිවාස 30ක් පමණ ජලයෙන් යටවී ඇති බවයි. ගංගා ඉවුරු සහ පහත් බිම්වල පදිංචි ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙන අතර, හදිසි ආපදා තත්ත්වයකදී සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය සියලු පියවර මේ වන විටත් ගෙන ඇති බව බලධාරීන් වැඩිදුරටත් පවසයි.














