ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූ වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස සිය සංචාරය සාර්ථකව අවසන් කර අද (08) දිවයිනෙන් පිටව ගියහ.
මෙම සංචාරය අතරතුර වියට්නාම් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් හමු වී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව සහ වෙළඳ ගනුදෙනු ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වන ලදී. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම සංචාරය සංවිධානය කර තිබුණි.














