විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමානයේ දේශපාලන වශයෙන් හාස්‍යට ලක්ව ඇති බව නිරුක්ෂ කුමාර මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක වැනි බැරෑරුම් තනතුරක් දැරීමට කිසිසේත්ම සුදුසු නොවන බවයි.
“විපක්ෂ නායකවරයා දැන් විහිළුවක් වෙලා ඉවරයි. ඔහුට විපක්ෂ නායක තනතුර නෙමෙයි දෙන්න ඕනේ, පරිප්පු ඇට ටිකක් දීලා අලියෙක් අලවන්න (පරිප්පු ඇටවලින් කරන නිර්මාණයක්) දුන්නා නම් ඒක ඔහුට හොඳට ගැලපෙනවා,” යනුවෙන් නිරුක්ෂ කුමාර මහතා උපහාසාත්මකව ප්‍රකාශ කළේය. විපක්ෂ නායකවරයාගේ මෑතකාලීන දේශපාලන හැසිරීම් සහ ප්‍රකාශ විවේචනය කරමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.
















