තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට රැගෙන ආ රුපියල් හාරකෝටි හැත්තෑ හත් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මොහු කොටු වී ඇත්තේ මත්ද්‍රව්‍ය තොගය පිටතට රැගෙන යාමට උත්සාහ කිරීමේදීය.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ චොකලට් ලෙස අසුරා තිබූ ඇසුරුම් 15ක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කිලෝ 04යි ග්‍රෑම් 778ක හෂීස් තොගයක් පොලිසිය විසින් සොයාගෙන ඇත. සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතයි.














