දංකොටුව පොලිස් වසමේ මොහොට්ටිමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ. ඊයේ (09) දින සිදුකළ මෙම වැටලීමේදී නීති විරෝධී මත්පැන් ලීටර් 37.5ක් හෙවත් බෝතල් 50ක ප්‍රමාණයක් සහ මත්පැන් පෙිරීම සඳහා සකස් කර තිබූ ගෝඩා ලීටර් 1012ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම ජාවාරම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර දංකොටුව පොලිස් ස්ථානය මගින් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි. ප්‍රදේශයේ සිදුවන මෙවැනි නීති විරෝධී ක්‍රියා මැඩලීම සඳහා පොලිසිය අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද වාර්තා වේ.













