ඉන්දියාව විසින් එකවර ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කළ හැකි අති නවීන මිසයිල පද්ධතියක් ඊයේ (09) සාර්ථකව අත්හදා බලා තිබේ. ඔඩිෂා වෙරළට ඔබ්බෙන් පිහිටි දූපතක සිට මෙම මිසයිලය දියත් කර ඇති අතර, ඉන්දීය සාගර කලාපයේ ස්ථානගත කර තිබූ විවිධ ඉලක්ක වෙත සාර්ථකව ළඟා වීමට එය සමත් වූ බව වාර්තා වේ.
ඉන්දීය ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය (DRDO) විසින් දේශීය කර්මාන්ත ආයතනවල සහාය ඇතිව මෙම මිසයිලය නිර්මාණය කර ඇත. මෙම තාක්ෂණික ජයග්‍රහණය ඉන්දියාවේ ආරක්ෂක සූදානම සහ යුද ශක්තිය තවදුරටත් ඉහළ නැංවීමට හේතු වන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කළේය.














