පොහොර හිඟයක් නොමැති බවට විෂයභාර අමාත්‍යවරයා කළ ප්‍රකාශයත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවි ජනතාව දැඩි නොසන්සුන්තාවයට පත්ව සිටිති. ක්ෂේත්රයේ පවතින සැබෑ තත්ත්වය අමාත්‍යවරයා නොදන්නා බවත්, පොහොර නොමැති වීම හේතුවෙන් වගා කටයුතු අඩාල වී ඇති බවත් ඔවුහු පවසති.
රජයේ මෙම ප්‍රකාශවලට විරෝධය පළ කරමින් සියලු ඒකාබද්ධ ගොවි සංවිධාන එක්ව ඉදිරියේදී දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කරන බවත්, තම අයිතිවාසිකම් දිනා ගැනීමට මහ පාරට බැසීමට පසුබට නොවන බවත් ගොවි නියෝජිතයෝ වැඩිදුරටත් අවධාරණය කළහ.














