අතීතයේ දේශපාලනික වශයෙන් දැඩි ප්‍රතිවිරුද්ධ මත දැරූ කණ්ඩායම් වුවද, වත්මන් ආණ්ඩුවට එරෙහිව පොදු අරමුණක් වෙනුවෙන් එක් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. “නයි සහ මුගටි” මෙන් වෛරී දේශපාලනයක නිරත වූ පිරිස් පවා අද වන විට එකම මේසයක සාකච්ඡා කිරීමට පෙළඹී ඇති බවත්, පවතින පාලනයට සාර්ථකව මුහුණ දීම සඳහා සියලු විපක්ෂ බලවේග එකම කඳවුරකට ගොනු විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
රටේ පවතින දේශපාලන වාතාවරණය හමුවේ පෞද්ගලික හෝ පක්ෂ මට්ටමේ මතභේද පසෙක ලා, ආණ්ඩුවේ ක්‍රියාකලාපයන්ට එරෙහිව ශක්තිමත් පෙරමුණක් ගොඩනැගීමේ අවශ්‍යතාව ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














