• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ පළමු වරට ඉවතලන කොන්ක්‍රීට් වලින් 95%ක්ම නැවත වැඩට ගන්නා අපූරු ව්‍යාපෘතියක් ඇරඹෙයි

11 May 2026
in දේශීය, පුවත්
ලංකාවේ පළමු වරට  ඉවතලන කොන්ක්‍රීට් වලින් 95%ක්ම  නැවත වැඩට ගන්නා  අපූරු ව්‍යාපෘතියක් ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කරමින් ඉවතලන කොන්ක්‍රීට් සහ ඉදිකිරීම් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර නැවත භාවිතයට ගත හැකි මෙරට පළමු ව්‍යාපෘතිය ජාඇළ ඒකල කාර්මික ජනපද පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ විය. නිවාස ඉදිකිරීම් සහ ජලජ සම්පත් අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ මෙම මධ්‍යස්ථානය හරහා මෙතෙක් පරිසරයට මුදාහළ ඉදිකිරීම් අපද්‍රව්‍යවලින් 95%ක්ම ගල්, වැලි සහ චිප්ස් ලෙස නැවත ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාව උදා වේ. වසර 18ක පමණ කාලයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන දිරාපත් වීමට ඉඩ හැර තිබූ යන්ත්‍ර සූත්‍ර රජයේ මැදිහත් වීමෙන් අලුත්වැඩියා කර මෙලෙස ජනතා අයිතියට පත් කිරීම සුවිශේෂී කරුණකි.
විශේෂයෙන්ම බස්නාහිර පළාතේ දිනකට බැහැර කෙරෙන ටොන් 300ක් පමණ වූ කොන්ක්‍රීට් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට මෙමඟින් ස්ථිර විසඳුමක් ලැබෙනු ඇත. ගංගා වැලි භාවිතය සීමා වී ඇති මෙවන් වකවානුවක ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය ‘මැනුෆැක්චර් සෑන්ඩ්’ (Manufactured Sand) ලබා ගැනීමට මෙම ව්‍යාපෘතිය සාර්ථක විකල්පයක් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන පවා මේ වන විට සකස් කර ඇති අතර රජයේ ඉදිකිරීම් සඳහා මෙම ප්‍රතිචක්‍රීකරණය කළ අමුද්‍රව්‍ය භාවිත කිරීමට ඉදිරියේදී ප්‍රමුඛතාව හිමි වනු ඇත.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන යටතේ රුපියල් මිලියන 200ක ආයෝජනයකින් ඇරඹි මෙම ව්‍යාපෘතිය මඟින් ඉදිකිරීම් පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට මෙන්ම ස්වාභාවික සම්පත් ක්ෂය වීම වැළැක්වීමට ද හැකි වේ. පැයකට මෙට්‍රික් ටොන් 200ක ධාරිතාවකින් යුත් මෙම යන්ත්‍රාගාරය සමඟ නවීන විද්‍යාගාරයක් ද ස්ථාපිත කර ඇති අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ චක්‍රීය ආර්ථිකයක් ගොඩනැඟීම මෙහි මූලික අරමුණයි. මෙම ඓතිහාසික පියවර හරහා පරිසර දූෂණය අවම වනවා සේම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව මාවතක් විවර වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
Post Views: 1
Previous Post

හොඳම නර්ත­නාං­ග­යට හිමි සම්මා­නය චීන­යේදී දිනූ ශ්‍රී ලංකා නිවුන් කණ්ඩා­යම උප­න්බි­මට

Next Post

චොකලට් අස්සේ හංගලා රුපියල් කෝටි හතරක හෂීස් කටුනායකින් පන්නන්න ගිය තරුණයා මාට්ටු

Editor TTV News

Editor TTV News

Next Post
චොකලට් අස්සේ හංගලා  රුපියල් කෝටි හතරක  හෂීස් කටුනායකින් පන්නන්න ගිය  තරුණයා මාට්ටු

චොකලට් අස්සේ හංගලා රුපියල් කෝටි හතරක හෂීස් කටුනායකින් පන්නන්න ගිය තරුණයා මාට්ටු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාතික ජන බලවේගය තුළ  වංචා දූෂණයට කිසිදු ඉඩක් නැහැ

ජාතික ජන බලවේගය තුළ වංචා දූෂණයට කිසිදු ඉඩක් නැහැ

11 May 2026
පොහොර බෙදාහැරීමට  පෞද්ගලික අංශයටත් අවසර:

පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශයටත් අවසර:

11 May 2026
ප්‍රදේශ රැසකට  අදත් ප්‍රබල අකුණු

ප්‍රදේශ රැසකට අදත් ප්‍රබල අකුණු

11 May 2026
ගල්පොත්ත ඇල්ල  කුණු කසළින් පිරී ඉතිරී යයි:

ගල්පොත්ත ඇල්ල කුණු කසළින් පිරී ඉතිරී යයි:

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රදේශ රැසකට  අදත් ප්‍රබල අකුණු

ප්‍රදේශ රැසකට අදත් ප්‍රබල අකුණු

11 May 2026
ගල්පොත්ත ඇල්ල  කුණු කසළින් පිරී ඉතිරී යයි:

ගල්පොත්ත ඇල්ල කුණු කසළින් පිරී ඉතිරී යයි:

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved