ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් 52 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, යකඩ පොල්ලක් වැනි මොට ආයුධයකින් සිදුකළ බරපතළ පහරදීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇඹිලිපිටිය පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.














