මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන කෝරලගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ ලබන ඔක්තෝබර් 1 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබෙනවා.
සැකකරු බන්ධනාගාරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී සැකකරුගේ ජංගම දුරකථන අටක තිබූ වර්ණ ඡායාරූප 200ක් පමණ පිටු 76ක ලේඛනයක් ලෙස සකස් කර අධිකරණයේ නිරීක්ෂණය සඳහා පමණක් ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.













