අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත වැඩබලන තානාපති හා කාර්යාල ප්‍රධානී Olivier Praz මහතා අතර හමුවක් අද (21) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
මෙහිදී අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා සමාජීය තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
මෙම අවස්ථාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් Justine Boillat මහත්මියද එක්ව සිටියා.
















